කපටි නැති නරි……

අතීත කාලයක කුත්ක් නමින් මහන්නෙක් විසී ය. හෙතෙම දුෂ්ට ය. මෝඩ ය.දිනක් කුත්ක් සිය නිවෙසේ පහනක් දල්වා ඒ අසල හිඳගෙන මැස්මක් මසමින් සිටියේ ය. එක්වර ම පහන් දැල්ල ආවරණය වී මැස්ම මත අඳුරු ලප පතිත වන්නට විය. “ඒ කුමක් විය හැකිද? පහන් දැල්ලත් මාත් අතරට පැමිණිය හැකි ජගතා කවුද? මගේ ම නාසය ආලෝකය වළක්වනවා වෙන්නට ඕනෑ” මෙයින් ඔහු සිය නාසය හා උරණ වූයේ ය.තවත් මඳ වේලාවක් ගත විණි. යළිත් එය ම සිදුවිණි. එවිට කුත්ක් මෙසේ සිතී ය: “ඒ මගෙ කම්මුල් වෙන්න ඕනෑ. මං මේ ආලෝකය වළකන මගේ නාසය හා කම්මුල් කපා දමනවා.”ඔහු සිය සිතිවිල්ල කි‍්‍රයාවට නැංවී ය. දැන් ඔහු ගේ නාසයෙන් ද දෙකම්මුලින් ද ලේ ගලා යයි.

පහන් දැල්ල ඉදිරියේ නටන කුඩා මී පැටවුන් රංචුවක් ම සිටින බව පසුව කුත්ක් ට පෙනී ගියේ ය. ආලෝකය වරින් වර මුවා වූයේ මී පැටවුන්ගේ මේ නැටිල්ල හේතුවෙනි.

කුත්ක් වෙත දුෂ්ට සිතක් පහළ විණි. ඔහු කුඩා මී පැටවුන් අල්ලා මල්ලක ලා උස ගසක අත්තක එල්ලා තැබුවේ, උන් කුසගින්නේ මිය යතැයි අපේක්ෂා වෙනි.
එහෙත් මී පැටවු වාසනාවන්තයෝ ය. මේ ගස අසලින් ගිය නරියකුට මේ පැටවුන් ගේ වේදනාබර ගෝසාව අසන්නට ලැබිණි. නරියා ගේ සිත උණු විය. ඔහු මී පැටවුන් බේරා ගත්තේ ය.
මී පැටවු දඟයින් වුවත් අහිංසකයෝ ය. කළගුණ දනිති. ඔවුහු නරියාට මුව නොසෑහෙන සේ තුති පුද කළහ.
නරියා ද තමා විසින් කරන ලද සද් කි‍්‍රයාව හේතුවෙන් මහත් සතුටට පත්විය.
සැමවිට හැමට ම කපටිකම් පානා නරින් අතර ද යහපත් නරි සිටිති. පූර්ව නිගමනවලට අනුව කිසිවකු ගේ සියලු කි‍්‍රයා තක්සේරු කළ නො හැකිය.

Posted in Uncategorized | Tagged , | 1 Comment

හිවල් ගැහැනිය……

එක් බිරියක් සිය දයාබර ස්වාමිපුරුෂයා සමඟ ඉතා සමඟියෙන් දිවි ගෙවමින් සිටියා ය. එහෙත් ඈට ඔහු දක්නට ලැබුණේ රාති‍්‍රයේදී පමණි. දිවා කල්හි කිසිදු හේතුවක් නිසා ඔහු ඈ ඉදිරියේ පෙනී සිටියේ නැත.

ඊට ඉතා සාධාරණ හේතුවක් තිබිණි. මේ ස්වාමිපුරුෂයාට තිබුණේ එක් ඇසක් පමණි. සිය එකැස් භාවය බිරියට ප‍්‍රදර්ශනය කිරීමට ඔහුට කිසිදු වුවමනාවක් තිබුණේ නැත.

එහෙත් සැමදා රාති‍්‍රයේ දී පමණක් දකින සිය සැමියා ගේ රුව දිවා කල්හි දැක ගැනීමේ දොළක් බිරිය තුළ උපන. ඈ සිය සැමියා ලුහුබැඳ ගොස් දිවා එළියෙන් ඔහු නැරැඹුවා ය.

සැමියා ගේ ඇති තතු දුටු බිරිය මහත් සේ කැලැඹී සුරූපිනියක වූ තමාට තවදුරටත් මෙවන් අවලස්සන සැමියකු හා දිවිගෙවිය නොහැකි යැයි අදිටන් කළා ය. මෙවිට ඈ සිය සැමියා ගේ දයාබරත්වය ගැන කිසිදු තැකීමක් කෙළේ නැත.

ඈ ආපසු එන ගමනේ දී යෝධ පුරුෂයකු මුණ ගැසිණි. ඔහු යෝධ රූපකායකට හිමිකම් කී නමුත් ඉතා පරුෂ පුරුෂයෙක් විය. මේ ගැහැනිය දුටු යෝධයා වහා ඈ ඩැහැගෙන ගොස් කඳු මුදුනක සිරගත කෙළේ ය.

රාති‍්‍රය උදා විය. සීතල දැඩි විය. ඈ සතුව සීතල ඇඳුම් තිබුණේ නැත. ඈ වෙව්ලා යමින් හඬා වැටුණා ය.

හාත්පස බැලුම් හෙළනා ඈට සිවල් ලොමින් කළ වස්ත‍්‍රයක් දක්නට ලැබිණි. තුටු සිතින් එය පොරවා ගත් ඈ නින්දට වැටුණාය.

මීළඟ දිනය එළැඹි විට ඈට මේ සිරගෙයින් ද නිදහස් වන්නට හැකියාව ලැබිණි. ඈ අතරමඟ දී දිය පිරි විලකට බැස්සේ පිපාසය හේතුවෙනි.

එවිට ඈ ඒ දියතලය මත දුටුවේ කුමක්ද? එයින් ඇගේ මුහුණේ පිළිබිඹුව පැහැදිලි ලෙස දැකිය හැකි විය. එය සිවල් මුහුණක් බවට හැරී තිබිණි.

ඈ මහ හඩින් හඬමින් පසු පස හැරී බැලූ විට, සිය පශ්චාත් භාගයේ වැනෙමින් තිබූ හිවල් වලිගය දුටුවා ය. ඇය දැන් සිවල් ළඳකි. තවදුරටත් ගම වෙත යෑමේ අරුතක් ඈට නොපෙනේ. ඈ යළි හැරී වනය වෙත ම ගියා ය.

පුද්ගලයකු පිළිබඳ තීරණ ගැනීමේ දී බාහිර පෙනුම මිනුම් දඬුවක් සේ ගැනීමේ ආදීනව ඈට එදා පැහැදිලි වන්නට ඇති. කෙසේ නමුත් ඈ ලද දඬුවම නම් ඉතා දැඩි ය .

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

I Just Want to Play……

“I don’t want to read any more,” Bobby said. He pushed the book he was reading off his lap.
Dad looked at Bobby with wide eyes. “What’s the matter?” he asked.
        “Books are boring, boring!” Bobby cried. “I don’t want to read,” he continued. “I want to play outside. I want to talk to my friends. Reading is so boring.”
         “ Maybe you just haven’t found the right book yet,” Dad said.” “That’s not it,” Bobby said. “I think all books are boring. I wish I could just play all day.
Dad did not know how to tell Bobby that reading can be fun. Dad had an idea. “Come on, Bobby, let’s go.”
 “Where?” asked Bobby.
 “You’ll see.”

Posted in Uncategorized | Tagged | Leave a comment

පණ්ඩිතයා……

එක ගමක පණ්ඩිතයා කියල මිනිහෙක් ජීවත් වුණා.පඩිවරයෙක් කියන්නේ හැම දෙයක් ගැනම පරතෙරට දන්නා කෙනෙක්.ඒත් මෙයාට එහෙම නුවණක් තිබුණෙ නෑ.ලොකු කාරණා කාරණා දන්නවා කියල අනෙක් අයට ඔප්පු කරන්න ගිහින් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කළ හිංදයි  මෙයාට පණ්ඩිතයා කියල නමක් වැටුණේ.ඒ විතරක් නෙවෙයි එයාට ඕනවෙලා තිබුණා ගමේ රටේ මිනිස්සු තමන්ට නම්බුකාර විදියට කතා කරනවටල සලකනවට.

      මේ පණ්ඩිතයා දවසක් තවත් මිනිස්සු කට්ටියක් එක්ක ගමනක් ගියා.ඔහොම යනකොට ඉර මුදුන් වෙලා ඉර රස්නයට ඉන්න හිටින් බැරිව ගියා.ගමන් මහන්සිය නිවා ගන්නත් එක්ක පාර අයිනේ තිබුණු හේනකට ගියා.ඔය හේනේ එළවලු වගාකර තිබුණා.හොදට හෙවන තිබුණු මොරගහක් යට පණ්ඩිතයයි ආපු මිනිස්සුයි ඇලවුණා.මොරගහේ ඉදිච්ච මොර පොකුරු පිටින් තිබුණා.ඒ අසලම වට්ටක්කා වැලක ගෙඩි දැකපු පණ්ඩිතයට කටපියාගෙන ඉන්න බැරිවුණා.ඕං බලනවා මේ තරම් විශාල මොරගහේ තියෙන්නේ පුංචිම පුංචි ගෙඩි.ඒකට අර කද කෙලින් කරන්න බැරි වට්ටක්ක වැලේ තියෙන ගෙඩි වල විශාල.මගේ දැනීමේ හැටියටනම් මේ විශාල වට්ටක්කා ගෙඩි හැදෙන්න තිබුණේ මේ විශාල මොරගහේ.සොබා දහම ගස් වැලුත් රවට්ටල.මං වගේ උත්තමයෙකුට හිමි වන්න ඕන ගරු බුහුමන් තාන්න මාන්න ඔහෙලට පේන්නෙ නෑ.පණ්ඩිතයා කිව්වා.මිනිස්සුත් හිතුවා ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියල.ඉන් පස්සෙ කවුරුත් පණ්ඩිතයට ගරු කරන්න පටන් ගත්තා.එතකොටම මහ හුලගක් ආවා.ඒ හුලගින් අතු අග තිබුණු මොර ගෙඩි බිම වැටුණා.ගහ යට හිටි පණ්ඩිතයාගේත් මිනිසුන්ගේත් හිස් මතට මොර ගෙඩි වැටුණා.පණ්ඩිතයා උඩ බිම බැලුවා.හැබැයි මින්සුන්ටනම් හිනා ගියා.මේ අතර හිටිය එක කටකාර මනුසුසයෙක් පණ්ඩිතයාගෙන් මෙහෙම ඇහුවා.හැබෑට පණ්ඩිතතුමෝ ඔය මොර වෙනුවට අර කියපු  වට්ටක්ක තරම් ගෙඩි තිබුණා නම් ඔහේගෙ ඔලුව ඉතුරු වෙයිද? පණ්ඩිතයට හරිම ලැජ්ජයි.කාටවත් නොකිය හිමින් සීරුවෙ මාරුවෙල යන්න ගියා.සොබා දහමේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ සමබරතාව රකින්නයි.එහෙම නොවුණොත් අපේ පැවැත්මට තර්ජනයක් ඒ එක්කම සිදුවුණු දෙයින් අර මිනිසුන්ට තේරුම් ගියා.

Posted in Uncategorized | Tagged | Leave a comment

පිළිකාවට බිය විය යුතුද….?

පිළිකා රෝග ගැන අද නිතරම අසන්නට ලැබේ.පිළිකාවක් යනු පිළිලයකි.මෙම රෝගය වැලදීමෙන් නියත මරණ අත් වන්නේ යැයි බොහෝ දෙනා සිතති‍.එසේම එය ඉතා වේදනාකාරී,අංගවිකල වන හා විකෘති වන රෝගයක් ලෙසද බොහෝ දෙනා දකිති.මේ නිසා රෝගියෙකු සිටින්නේ නම් රෝගයා මෙන්ම පවුලේ අය පිළිකාව රහසක් ලෙස තබා ගැනීමට උත්සහ ගනී.මේ හේතුවෙන් රෝගයාට රෝගය ගැන විස්තර කිරීමට වෛද්යතවරැ සුදානම් වන විට බොහෝ ඥාතීහු එයට විරුද්ධ වන අවස්ථා තිබේ.

එහෙත් පිළිකා රෝගයට බොහෝ දෙනා ගොදුරු වන්නේ නොසැළකිලිමත් බව හා නොදැනුවත්කම නිසාය‍.තමාට යම් සැකයක් තිබේ නම් කල්තබා වෛද්යැ උපදෙස් මත පරීක්ෂා කරීමෙන් මෙම රෝගයෙන් බේරීමට බොහෝ විට හැකියාව ලැබේ.එසේම මුල් අවධියේදී මෙම රෝගය සොයා ගැනීමෙන් රෝගියාට බොහෝ විට සම්පූර්ණ සුවය ලබා ගැනීමට හැකිය.

Posted in Uncategorized | Tagged | Leave a comment

ඇසුරට සුදුස්සන් තෝරා ගන්නත් ඕනත් ඔවුන් ඇසුරු කිරීමෙන්ය.

මිතුරෙක් තවත් මිතුරෙකු ආශ්‍රය කරන විට අනිත් මිතුරන් අකමැතිය.නොයෙක් කතා කියමින් වෙන් කිරීමට උත්සහ කරනවා.ඒක නිසා මිතුරන් ආශ්‍රය කරන විට දැඩි ඇලීම් බැදීම් නොමැතිව හිතවත් බවෙන්,ඒ කියන්නේ මෙත් සිතින් ආශ්‍රය කරන්නට පුරුදු වෙන්න.නිතරම අප අවට සිටින බොහෝ අය කුමන කරුණක් නිසා හෝ බොරු කියන්නට පෙලබෙනවා.මේ අයගේ ගතිපැවතුම්ද තේරුම් ගෙන තමා හිත හොදින් අන් අය ඇසුරු කරන්න ඕන.අන් අයට උපකාරයක් තිබේ නම් නොපැකිළව එය ඉටු කරන්න.එවිට හැමගේ මිතුරුකම ඔබට ලැබෙනු ඇත.සුදුසු ගැලපෙන මිතුරු අය නොමැතිව නම් තනිව විසීම බුදුරජාණන් වහන්සේ ද ඉගැන්වීමයි.

Posted in Uncategorized | Tagged | Leave a comment

අසමගිය……..

“අපි මෙහෙම ඉදල හරියන්නෙ නෑ….මොනවා හරි වැඩක් පලක් කරන්න ඕනෑ”වඩු කුලුළු සොහොයුරු දෙදෙනෙක් කත්කා කර ගත්තා.
   “අපි මොනවද කරන්න ඕන.වැඩිමහල් වඩු කුරුලු සහොදරයා ඇසුවාය.
 “අපි ගෙයක් හදමු…. අර උස ගහේ….එතකොට අපිට අව්වෙන් වැස්සෙන් බේරිලා සැපෙන් ඉන්න පුළුවන්”බාල සහොදරයා කිව්වා.
 දෙදෙනාම බොහොම වෙහෙස වුණා.උස ගහක මුදුනේ ලස්සන කූඩුවක් හදන්න පටන් ගත්තා.වැඩ අහවර වෙන කොට ඒ පළාතේම තිබුණු ලස්සන කුරුලු කූඩුව වුණේ ඒකයි.මේ කූඩුව දකින බොහෝ දෙනෙක් සොහොයුරන්ට ස්තූති කළා.ප්‍රශංසා කළා.තවත් අය ඊර්ෂ්‍යා කළා.තවත් අය ඒ වගේ කූඩුවක් හදන හැටි ගැන අසා ගත්තා.
 අනෙක් අයගෙන් මුව නොසෑහෙන ස්තූති ලැබුණු නිසා සහෝදරයො දෙන්නා මහත් ආඩම්බරයට පත් වුණා.
 කාලය ගෙවිලා ගියා.කුරුලු සහෝදරයො දෙන්නා උස් මහත් වුණා.ලස්සන කූඩුව ක්‍රමයෙන් විනාශ වෙන්න පටන් ගත්තා.ඒක පිලිසකර කළ යුතු කලය උදා වුනා.
                               ගේ හදන යෝජනාව ගෙනාවෙත් මම.වැඩියෙන් මහන්සි වුණෙත් මම. ඉතින් මම මොකටද මහන්සි වෙන්නෙ…. අයියා කැඩෙන තැන් හදයිනේ….බාල සහෝදරයා කල්පනා කළා.
                                  “අපේ කූඩුව දිරා පත් වෙන්න පටන් ගෙන. ඒත් කූඩුව හදන එකටත් මම ගොඩක් මහන්සි වුණා. ඕන කරන දේවල් වැඩියෙන් ගෙනාවේ මම.ඔන්න ඔහේ මම නිකම් ඉන්නවා.මල්ලි අනෙක් වැඩ කරයිනේ….”වැඩිමහල් සහොදරයා කල්පනා කළා.
                                  මහා සුළගට කූඩුව ඒහාට මෙහාට පැද්දුණා.කූඩුවෙ සමහර තැන් කැඩී බිමට වැටුණා.ඊළගට වැස්සපටන් ගත්තා.හිරි පොද කූඩුව ඇතුළට ආවා.සොහොයුරෝ දෙන්නා තටු පොරවාගෙන සීතලේ ගුලිවෙලා හිටියා.වැඩි වෙලාවක් යන්න මත්තෙන් කූඩුව බිමට වැටුණා.කූඩුවේ කෑලි තැන තැන විසිරුණා.
                           දෙසොහොයුරෝ මහ වැස්ස තෙමුණා.කූඩුවේ කෑලි දෙස බලාගෙන කදුළු සැලුවා.”අපි දෙන්නාගේ අසමගිය නිසයි මෙහෙම වුණේ”සොහොයුරෝ දෙදෙනා දුක් වුණා.

Posted in Uncategorized | Tagged | 1 Comment