නාගයෙක් වැටුණු කරදරයක මහත…….

එක ගමක මායිමේ තිබුණු තුඹසක දරුණු නාගයෙක් වාසය කළා.මේ නාගයාගෙන් ගමේ මිනිස්සුන්ට හරියට කරදර සිදුවුණා.තුඹස අසල පිට්ටනියේ සෙල්ලම් කරන ළමයින්ටත් කැළේ දර කැඩීමට යන කාන්තාවන්ටත් නාගයාගෙන් කරදර සිදුවුණා.කිසිවෙකුටත් තුඹස අසලින්වත් නයා යන්න දඅන්නේ නෑ.ගමේ මිනිස්සු හරිම බයෙන් තමයි ජීවත් වුණේ.
  දිනක් මෙම ගමට සිල්වත් නාගයෙක් පැමිණියා. නාගයාගෙන් සුදුවන හිරිහැර ගමේ මිනිසුන් තාපසයාට කීවා. නයාගෙන් තමන්ව බේරා දෙන ලෙස ගම්මුන් තාපසයාගෙන් ඉල්ලා සිටියා. කිසිම කෙනෙක්ට ළංවීමටත් බිය වු තුඹස අසලට තාපසතුමා ළං වුණා. තාපසතුමා ඉතා කරුණාවෙන් නයි හාමි ඇයි මේ මිනිසුන්ට කරදර කරන්නේ යයි ඇසුවා. තාපස තුමාගේ මිහිරි කරුණාබර හඩට අවනත වු නාගයා තුඹසෙන් එළියට පැමිණ තාපස තුමා දෙස බලා සිටියා.තාපස තුමා නාගයාට කතා කර නයි හාමි මින් පස්සේ මේ ගම්මුන්ට කරදර කරන්න එපා. හැමෝටම කරැණාවෙන් ඉන්න කියා ඉතා කරුනාවෙන් නාගයාගේ හිස ත ගා මතුරන ලද පැන් ස්වල්පයක් නයාගේ ඇගට ඉස්සා.
                                                                                     නාගයා නැවතත් තුඹස තුළට ගියා. ඉන්පසු නාගයා හීලෑ සතෙක් වුණා. කිසිම කෙනෙකුට කරදරයක් කළේ නෑ. තුඹසෙන් එළියට පැමිණ ළමයින් සෙල්ලම් කරන දිහා බලන් හිද ඔවුන් සමග සෙල්ලම් ද කළහ. එහෙත් මෙම නාගයාගේ කරුණාව නයාටම හිරිහැරයක් වුණා.ළමයි නයාගේ ඇග මත රෝද පෙරලුවා.දර අහුලන්න එන කාන්තාවන් දර මිටිය බැදීමට වැලැපොටක් නැතිව නයාගෙන් දර මිටිය බැදගෙන ඒමට පුරුදු වුණා.එහෙත් නාගයා කිසිවිටෙක ඔවුන්ට කරදර කළේ නෑ. නාගයාට කරුණාවෙන් ඉන්න යයි පවසා නාගයා හීලෑ කළ තාපසයා බොහෝ කලකට පසු මේ ගමට නැවතත් පැමිණියා. නාගයා ගැන ගමේ මින්සුන්ගෙන් විමසා තුඹස අසලට පැමිණ නාගයාට කතා කළත් තුඹස තුළින් කිසිම සද්දයක් ආවේ නැහැ. කීප වරක් කතා කළ විට පිටිටනිය දෙසින් අපි මෙහේ යනුවෙන් ළමයින්ගේ කටහඩ ඇසුණා. තාපස තුමා පිට්ටනියට යන විට ළමයින් සෙල්ලම් කරමින් සිටියා. ළමයින් නාගයා එකට ඔතා ගුලිකර නාගයාගෙන් බෝල ගසමින් සිටියා. තාපස තුමා කතා කළ විට නාගයා තාපසතුමා ලගට පැමිණියා. කොහොමද නයි හාමි දැන් කරුණාවෙන් ඉන්නවාද කියා තාපස තුමා ඇහුවා. කරුණාව හොදයි ස්වාමීනි,ඒත් මගේ ඇග නම් රිදෙනවා කියා නාගයා ඉතා අපහසුවෙන් තාපස තුමාට පිළිතුරු දුන්නා.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to නාගයෙක් වැටුණු කරදරයක මහත…….

  1. හැම දෙයකටම සිමාවක් තියෙන්න ඔනේ කියන පනිව්ඩ්ය නේද දාන්නකො මෙකට ලස්සන පින්තුරයක්
    රෙස්ලින්.lk team

  2. බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ මැදුම් පිලිවෙත අනුගමනය කරන්න කියලා, ඕනෑවට වඩා සැර වෙන්න ඕනත් නැහැ, ඕනෑවට වඩා නෝන්ජල් වෙන්න ඕනත් නැහැ …….

  3. haree says:

    “දිනක් මෙම ගමට සිල්වත් නාගයෙක් පැමිණියා.” ?????????????

Leave a comment